බ්‍රිතාන්‍ය ගගනගාමියකු අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය වෙත
Dec. 16, 2015

අපගේ ග්‍රහලොව, කෘතීම චන්ද්‍රිකා ගණනාවකින් ආවරණය වී පවතී. දුරකථන සන්නිවේදනය කටයුතු වල සිට කාලගුණ අනාවැකි පලකිරීම දක්වා කටයුතු මේ සියලු චන්ද්‍රිකා වලට පැවරුන රාජකාරි අතර වේ. මේ අතර වැදගත් තැනක්  අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට හිමිවන්නේ එය තුල මිනිසුන්ට ජීවත් වීමට හැකි ලෙස සැකසු එකම කෘතීම චන්ද්‍රිකාව බැවිනි.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය තුල එකවර අභ්‍යාවකාශගාමීන් දස දෙනෙකුට නවාතැන් ගතහැක. මෙම කක්ෂගත විද්‍යාගාරය තුල මේ වන විට අභ්‍යාවකාශගාමීන් හය දෙනකු වාසය කරයි. මේ අතර සිටින මේජර් ටීම් පේක් අභ්‍යාවකාශගතවූ ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා වෙයි.

ඊයේ දිනයේ රුසියානු සොයුස්‌ අභ්‍යාවකාශයානයක් මගින් ටීම් අභ්‍යවකාශ ගතවූ අතර පැය අටක චාරිකාවකින් පසු ඔහු  අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය වෙත ලඟා විය. එය සම්බන්ධ කරගැනීමේ යම් යම් ගැටළු පැනනැගුනද පිරිසගේ දක්ෂතාවය නිසා ටීම් නිරුපද්‍රිතව අභ්‍යාවකාශ මද්‍යස්ථානය වෙත පැමිණියේය.

මීළග මාස හය තුල ඔහු “ප්‍රින්සිපියා” ලෙස හැඳින්වෙන තම පුද්ගලික මෙහෙයුම ඇරඹීමට නියමිතය. එම නම යොදා ඇත්තේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ අයිසැක් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ නිබන්ධනය පදනම් කරගෙනයි.

අභ්‍යාවකාශයේ රුධිර නාලිකා වර්ධනය, මානසික ආතතියකදී මොලය හැඩගැසෙන අන්දම, නව ලෝහ වර්ග නිපදවීම වැනි පර්යේෂණ රැසක් පෘටිවී විද්‍යාඥයින් වෙනුවන් ඔහු සිදු කිරීමට නියමිතය.

එමෙන්ම පෘටිවී කක්ෂයේ සිට පෘටිවිය මත රොබෝ යන්ත්‍ර පාලනය කිරීමේ තාක්ෂණයක් ඔහු පරික්ෂා කිරීමටද නියමිත වේ. මෙම තාක්‍ෂණය යොදා ගෙන අනාගත අභ්‍යාවකාශගමීන්ට අඟහරු වටා කක්ෂගත වී රතු ග්‍රහයා මත ඇති රොබෝ යන්ත්‍ර පාලනය කිරීමට බලාපොරොත්තු වේ. 

ඔබේ දැනුමට

පෘටිවියේ දී සිරුරේ හැඩය පවත්වා ගැනීමට අපහසු යයි ඔබ සිතනවද? ශුන්‍ය ගුරුත්වයේ දී තත්වය ඔබට තවත් වටහා ගත හැකි වනු ඇත. සිට ගැනීමට හෝ බර ඉසිලීමට නොහැකි නිසා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවීම ඉතා අපහසු වේ. ටීම් පේක් අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයේ මැරතන් දිවීමට සැලසුම් කරගෙන සිටී. (එය අසන්න ලෙස කිලෝමීටර හතලිස් දෙකකි) 

This Space Scoop is based on a Press Release from ESA .
ESA
රූපය
මුද්‍රණ පිටපත

වැඩිදුර තොරතුරු

Space Scoop යනු කුමක්ද?

තාරකා විද්‍යාව ගැන තවදුරටත්

අභ්‍යවකාශ ගවේෂණයේ මීළග පරපුරේ ප්‍රගමනයට

Space Scoop මිතුරෝ

අපව අමතන්න