ආකාශ වස්තු නාමකරණය
Aug. 19, 2015

ඔබටත්  සුරතලෙක් සිටිනවාද? උගේ නම කුමක්ද? (ඔබට සුරතලෙකු නැත්නම් සිතන්න ඔබට සිටියා නම් මොන වගේ නමක් ඔබ යොදා ගනීද කියා). දැන් සිතන්න ඔබේ සුරතලාට පැටවුන් දස දෙනක් ලැබුණා කියා. ඔබ ඔවුන්ව අමතන්නේ කෙසේද? දැන් සිතන්න එම පැටවුන් වැඩී ඔවුන්ගේත් පැටවුන් දස දෙනා බැගින් වැදුවා කියා. ඔබ මේ සියලු දෙනා නම් කරන්නේ කෙසේද?

මෙය දිගින් දිගටම සිදුවුවහොත් බොහෝදුරට සිදුවිය හැක්කේ ඔබ දන්නා සියලුම නම් අවසන් වීමයි. රාත්‍රී අහසේ දක්නට ලැබෙන සියලුම ආකාශ වස්තු නාමකරණය ගැන සිතා බලන්න. ඒ සඳහා ඔබට අනන්ත පරිකල්පනයක් අවශ්‍ය වනු ඇති.

බ්‍රහස්පති, බෙලාට්‍රික්ස්, ඇන්ඩ්‍රෝමීඩා වැනි අභ්‍යවකාශයේ ඇති දීප්තිමත්ම වස්තු සියයකට පමණ සාම්ප්‍රදායික නම් භාවිතා කරනු ලබයි. ඉතිරිය නම් කරනු ලබන්නේ අක්ෂර හා අංක යොදාගෙනය. අක්ෂරය මගින් සංකේත නාමයත්, අංකය මගින් පිටුවත් දක්වනු ලබන වෙළඳ නාමාවලියකට මෙය සමාන කල හැක. උදාහරණයක් ලෙස ඉහත සේයාරුවේ දැක්වෙන තරු පොකුර නම් කර ඇත්තේ IC 4651 යන අවාසනාවන්ත නමිනි.

මුලින්ම මෙම තරු පොකුර අනුක්‍රමනික නාමාවලියකට ඇතුලත් කරන අතර IC යන අක්ෂර යෙදෙන්නේ අනුක්‍රමනික නාමාවලිය හැදින්වීමට යොදා ගන්නා Index Catalogue යන වදනෙනි. මීලග අංකය මගින් අදාල තරු පොකුර නාමාවලිය තුල සොයා ගන්නා ආකාරය නිරූපණය වේ. උදාහරණයක් ලෙස ඉහත තරු පොකුර නාමාවලියේ ඇතුලත් කර ඇති 4651 වැනි ආකාශ වස්තුවයි. මෙම නාමකරණයන් සිත්ඇදගන්නාසුළු නොවුවද එකිනෙකට වෙනස් නම් මිලියන ගණනක් සිතනවාට වඩා පහසු ක්‍රමයකි.

තාරකා විද්‍යාඥයන් විසින් ආකාශ වස්තු නාමකරණය, පිහිටීම, හා විශේෂ ලක්ෂණ වාර්තා කර ගැනීම දිගු කලක පටන් සිදු කර ඇත. මීට වසර 4000 පමණ පෙර මුල්ම ආකාශ වස්තු නාමාවලිය නිර්මාණය කරන ලද්දේ බැබිලියෝනියානුවන් විසිනි. අද දක්වාම අලුත් තාරකා නාමාවලි නිර්මාණය වෙමින් පවතී. 2014 තාරකා විද්‍යාඥයන් විසින් නිර්මිත ක්ෂීරපථයේ තාරකා නාමාවලිය තුල තරු මිලියන 84 අඩංගු විය

ඔබේ දැනුමට

මෙසියර් නාමාවලිය ඉතාමත් ප්‍රසිද්ධ ආකාශ වස්තු නාමාවලි වලින් එකකි. මෙම නාමාවලිය තුල අඩංගු අලංකාර මෙසියර් වස්තු 110 නිරීක්ෂණය කරමින් මෙසියර් බින්ගෝ ක්‍රීඩාවේ යෙදීමට ඔබත් කැමති නම් මෙම සබැදිය යොදා ගන්න  lcogt.net/messierbingo/    

This Space Scoop is based on a Press Release from ESO .
ESO
රූපය
මුද්‍රණ පිටපත

වැඩිදුර තොරතුරු

Space Scoop යනු කුමක්ද?

තාරකා විද්‍යාව ගැන තවදුරටත්

අභ්‍යවකාශ ගවේෂණයේ මීළග පරපුරේ ප්‍රගමනයට

Space Scoop මිතුරෝ

අපව අමතන්න