අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානය කක්ෂගතකර ඇත්තේ පෘටිව් වායුගෝලයට ඉහළිනි. මේ නිසා ගගනගාමීන්ට ශ්වසනය කිරීම සඳහා ඒ තුලට වායු පොම්ප කර වායුගෝලයට සමාන තත්වයක් එහි නිර්මාණය කර ඇත.
විශ්වය පිළිබද ඇතිවන ඉතාමත් සුලභ ගැටලුවක් වන්නේ පිටසක්වල ජීවයක් පවතීද යන්නයි. මීට නිසියාකාරව පිළිතුරක් ලබාදීමට නොහැකිය. නමුත් පසුගිය වසර 25 තුල වෙනත් තාරකා වටා පරිබ්‍රහමනය වන බාහිර ග්‍රහලෝක දෙදහසකට අසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එමගින් ඉහත ගැටලුව විසඳා ගැනීමට පියවර කීපයක් අපට ඉදිරියට යාමට හැකියාව ලැබී ඇත.
මෙම දුරස්ථ ලෝක "බාහිර ග්‍රහලෝක" ලෙස හඳුන්වයි. මේවා පිහිටා ඇති අතිමහත් දුර නිසා ඒවා චායාරුප ගත කිරීමට නොහැකිය. නමුත් තාරකා විද්‍යාඥයන් හට වෙනත් ක්‍රමවේද මගින් මෙම පිටසක්වල ලෝක පිළිබද තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකි වී තිබේ.
මෙසේ නිර්ණය කල හැකි එක් තොරතුරක් වන්නේ මේවා නිර්මාණය වී ඇති වායුගෝලයේ ස්වභාවයයි. වායුගෝලය යනු ග්‍රහලොවක් වටා පිහිටා ඇති වාත කලාපයයි. පෘටිව් වායුගෝලය තුල අප ආශ්වාස කරන ඔක්සිජන් වායුව අඩංගු වේ. ශාක තුල සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මගින් මෙම ඔක්සිජන් නිපදවීම සිදුවේ. මෙසේ ඔක්සිජන් නිපදවීමට වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක මගින් භාවිතා කරයි.
පෘටිවී වායුගෝලය තුල විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අන්තර්ගත වීමට ශාක හේතුවන නිසා වෙනත් ග්‍රහලෝක තුලද ඔක්සිජන් පැවතීම, පිටසක්වල ජීවය පිළිබද හෝඩුවාවක් ලෙස විශ්වාසය කරන ලදී. නමුත් ශාක වල බලපෑමකින් තොරව වුවද ඔක්සිජන් විශාල ලෙස නිපදවිය හැකි යැයි ජපාන විද්‍යාඥයන් විසින් මතයක් පල කර තිබේ.
ටයිටේනියම් ඔක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය මගින් මෙසේ විශාල ලෙස ඔක්සිජන් නිපදවිය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ. මෙම රසායනික ද්‍රව්‍ය ශිලාමය ග්‍රහලෝක, උල්කාෂ්ම මෙන්ම අපේ චන්ද්‍රයා මතද පවතින බව සොයාගෙන තිබේ.
මේ අනුව දුරස්ථ ග්‍රහලෝක මත ඇති ඔක්සිජන් ජීවය පිළිබද ලක්ෂණයක් වුවද ජීවය තහවුරු කර ගැනීම සඳහා වෙනත් ක්‍රමයක් පිළිබද සොයා බැලීමට අපට සිදුවී තිබේ.
අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානය කක්ෂගතකර ඇත්තේ පෘටිව් වායුගෝලයට ඉහළිනි. මේ නිසා ගගනගාමීන්ට ශ්වසනය කිරීම සඳහා ඒ තුලට වායු පොම්ප කර වායුගෝලයට සමාන තත්වයක් එහි නිර්මාණය කර ඇත.