මේ දක්වා ගැමා කිරණ විමෝචන නිරීක්ෂණය කර ඇත්තේ අපගේ මන්දාකිනියට පිටතින් පමණක් වන අතර එයින් පෘටිවීයට බලපෑමක් සිදුවී නැත. නමුත් පෘටිවීයට ආසන්නයේ මෙවැන්නක් සිදු වුවහොත් ඉන් බරපතල හානි රැසක් සිදු විය හැකිය.
රාති‍්‍ර අහසේ අපට තාරකා දැක ගත හැකි වන්නේ තනි ආලෝක ලප ලෙසයි. එසේ දකින්නට ලැබුනද මෙම ආලෝක ලප වලින් අඩකටත් වඩා නිර්මාණය වී ඇත්තේ තාරකා දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකා වටා පරිභ්‍රමණය වීමෙනි.
සහෝදර තාරකා බිහිවීම ඉතා සුලභ සංසිද්ධීන් වුවත් මෙම සේයාරුවේ දැක්වෙන්නේ මේ දක්වා ඡායාරූප ගතකර ඇති විශාලතම, උෂ්ණත්වයෙන් අධිකම හා සමීපතම තාරකා යුගලයි.
සාමාන්‍යයෙන් සහෝදර තාරකා යුගලකට එකිනෙකා වටා පරිභ්‍රමණය වීමට මාස, වසර හෝ ඇතැම් විට වසර සිය ගණනක කාලයක් ගතවනවා. නමුත් මෙම සේයාරුවේ තාරකා යුගලට ඊට ගතවන්නේ දවසකට වඩා මදක් වැඩි කාලයක් පමණයි. (පෘටිවීයට සුර්යා වටා පරිභ්‍රමණය වීමට දින 365 ගතවනවා)
මෙම තාරකා යුගල අසාමාන්‍ය විශාලත්වයකින් හා උෂ්ණත්වයකින් යුක්තයි. මෙම යුගලේ මුලු ස්කන්ධය සුර්ය ස්කන්ධ හැටකට සමාන වන අතර මතුපිට උෂ්ණත්වය අංශක හතලිස්දහසකට වඩා අධිකයි. සුර්යා මතුපිට උෂ්ණත්වය අංශක හයදහසක් වුවත් ඊට කිලෝමීටර මිලියන එකසියපනහක් දුරින් සිටින අපේ සම පිළිස්සීමට එය ප්‍රමාණවත්.
මෙබඳු යුගල් වීම් නිතර දැකිය නොහැක්කේ ඒවා ඉතා වේගයෙන් සිදුවන නිසයි. එමනිසා ඒවා ඡායාරූපගත කීරීම තරමක් අපහසු වනවා. වැඩිකල් ගතවීමට පෙර මෙම තාරකාවල අවසානය ආකාර දෙකකට සිදුවනු ඇති: එය විනාශකාරී සුපර්නෝවා පිපුරුමක් හෝ ඊටත් භයානක ගැමා කිරණ විමෝචනයක් විය හැකියි. ඉහත සේයාරුවේ දැක්වෙන්නේ විනාශ වීමට පෙර එම තාරකා යුගලේ අවසන් මොහොතයි.
මේ දක්වා ගැමා කිරණ විමෝචන නිරීක්ෂණය කර ඇත්තේ අපගේ මන්දාකිනියට පිටතින් පමණක් වන අතර එයින් පෘටිවීයට බලපෑමක් සිදුවී නැත. නමුත් පෘටිවීයට ආසන්නයේ මෙවැන්නක් සිදු වුවහොත් ඉන් බරපතල හානි රැසක් සිදු විය හැකිය.