සමහර විද්‍යාඥයන් සිතන ආකාරයට සෞර ග්‍රහ මණ්ඩලය ඇතිවූ මුල් අවධියේ පෘටිවියටත් කාබනික සංයෝග රැගෙන ඇවිත් තියෙන්නේ ධූමකේතු මගින්.
සෙල්ලම් ලෙගෝ කැට යොදා ගෙන සංකීර්ණ නිර්මාණ සිදු කරන්න ඔබටත් පුළුවන්. මිනිසුන් ලෙගෝ කැට යොදාගෙන හදපු නිර්මාණ අතර ලෙගෝ නිවාස, ලෙගෝ රොකට් විතරක් නෙවෙයි ලෙගෝ නැව් පවා තිබෙනවා. අපිත් හැදිලා තියෙන්නේ ලෙගෝ කැට එකතු කරලා හදන නිර්මාණයක් වගේ මුලික ඒකක රාශියක් එකතු වීමෙන්. මෙම මුලික ඒකක කාබනික අණු ලෙස හඳුන්වනවා.
නමුත් කාබනික අණු, ලෙගෝ කැට වගේ ඇහැට පේන දෙයක් නෙවයි. ඒවා දකින්න නම් ගොඩක් බලසම්පන්න අන්වීක්ෂ අවශ්‍ය වෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වගේ රසායනික සංයෝග එකතුවෙලා තමයි කාබනික අණු හැදිලා තියෙන්නේ. කාබනික සංයෝග විශ්වයේ හැම තැනම හොයා ගන්න පුළුවන්.
අවුරුදු බිලියන තුනකට විතර කලින් පෘතුවිය මත ජීවය ඇතිවුනේ කොහොමද කියලා හරියටම කියන්න බැරි උනත්, ජීවය ආරම්භ උනේ පුංචි කාබනික අණු වලින් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්.
නමුත් ජීවයේ මුලික තැනුම් ඒකකය වෙන කාබනික සංයෝග විශ්වය පුරාම පැතිරිලා තියනවා නම් ඇයි අපිට තවමත් පෘටිවෙයෙන් එපිට ජීවයක් හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ?
කාබනික සංයෝග ගොඩක් අස්ථායි නිසා අළුත් තාරකා හට ගන්නා ස්ථාන වගේ රළු තත්ව ඇති තැන් වල ඒවාට පවතින්න අමාරුයි. මෑතකදී ගොඩක් දුරින් පිහිටලා තියෙන අලුත් තරුවක් වටා කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් හොයා ගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා.
මේ නව තරුව වටා ග්‍රහලෝක පිහිටලා නැතත් ග්‍රහලෝක හැදෙන්නට ඕන මුලික අමුද්‍රව්‍ය පීරිසියක හැඩයට ඒ වටා පිහිටලා තිබෙනවා. ඒවා ඉක්මනින්ම ග්‍රහලෝක බවට පත්වෙනු ඇති. විද්‍යාඥයන් කාබනික සංයෝග හොයා ගෙන තියෙන්නේ හිම ධූමකේතු නිර්මාණය වෙන පීරිසියේ කෙළවර පිහිටි ප්‍රදේශයෙන්.
තව වසර මිලියන ගණනාවකට පස්සේ මේ තැටිය අද්දරින් එන ධූමකේතු ග්‍රහලෝක මතට පතිත වෙන්න පටන් ගනියි. ඒ සමග කාබනික සංයෝගත් රැගෙන එනු ඇති. ඊට පස්සේ කොහොම තත්වයක් නිර්මාණය වෙයි ද කියලා කාටද කියන්න පුළුවන්.
සමහර විද්‍යාඥයන් සිතන ආකාරයට සෞර ග්‍රහ මණ්ඩලය ඇතිවූ මුල් අවධියේ පෘටිවියටත් කාබනික සංයෝග රැගෙන ඇවිත් තියෙන්නේ ධූමකේතු මගින්.